November 10, 2026

09වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටි ඉදිකිරීම් ඇරඹේ

09වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය(CIIE) එළඹෙන නොවැම්බර් මස 05වන දා සිට 10වන දා දක්වා ශංහයි නගරයේදී පැවැත්වීමට නියමිතව ඇත. එහි ප්‍රදර්ශන කුටි ඉදිකිරීම් කටයුතු අද (27) නිල වශයෙන් ආරම්භ කෙරිණ. ශංහයිහි පොලීසිය ඒ හා සම්බන්ධ ආරක්ෂක කටයුතු හා ගමනාගමන පහසුකම් සහතික කිරීම විශේෂත්වයකි.

එමෙන්ම, ශංහයි රේගුවේ සහනශීලී ප්‍රතිපත්ති යටතේ විදේශ නිෂ්පාදිත, රේගු අධීක්ෂණය යටතේ පවතින ගබඩාවල සිට ප්‍රදර්ශන පරිශ්‍රය වෙත ප්‍රවාහනය කිරීමේ කාලය මිනිත්තු  35ක් දක්වා අඩු කර ගැනීමට හැකිවීම කැපී පෙනෙන්නකි.

About The Author