ඇමරිකා වාණිජ දෙපාර්තමේන්තුව ඊයේ(29) අපනයන පාලනය පිළිබඳ නව රෙගුලාසියක් නිකුත් කළේය. ඒ අනුව ඇමරිකාවේ‘අපනයන පාලන ලැයිස්තුවට’ඇතුළත් වූ සමාගම් වල කොටස් 50%කට වඩා හිමි අනුබද්ධ සමාගම් වෙත සමාන අපනයන සීමා පැනවේ.
ඇමරිකාවේ එම තීරණය, ජාතික ආරක්ෂක සංකල්පය අනිසි ලෙස යෙදීමේ හා අපනයන පාලනය අයුතු ලෙස භාවිත කිරීමේ ආදර්ශයක් බව චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් ඊයේ පැවසීය. ඉන් අදාළ සමාගම්වල නීත්‍යනුකූල අයිතිවාසිකම්වලට හානි සිදු වන අතර ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පටිපාටිය, ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමවල ආරක්ෂාව හා ස්ථාවරත්වය දැඩි ලෙස විනාශ වන බව ද ඔහු කියා සිටියේය.
චීනය ඊට දැඩි ලෙස විරෝධය පළ කරයි. චීන සමාගම්වල නීත්‍යනුකූල අයිතිවාසිකම් රැකගැනීම වෙනුවෙන් චීනය අත්‍යවශ්‍ය පියවර ගනු ඇතැයි ද චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශකයා අවධාරණය කළේය.
More Stories
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ සිව්වන සැසිවාරය පිළිබඳ මාධ්‍ය හමුව මාර්තු 3වැනිදා පැවැත්වේ
මැද පෙරදිග ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව චීන-රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සාකාච්ඡාවක්
ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීම චීනය දැඩිව හෙළා දකී