2026 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා, චීන ජාතිකයන් සහ විදේශිකයන් චීනයට පැමිණි සහ පිටවුණු සමස්ත වාර සංඛ්‍යාව හතළිස් නවකෝටි අනූලක්ෂයක් බව වාර්තා වෙයි. මෙම අගය, පසුගිය වසරේ අදාළ කාල සීමාවට වඩා 8.7%ක වර්ධනයකි. චීනයේ Jiangsu පළාතේ Lianyungang හි අද (10) පැවති ගෝලීය මහජන ආරක්ෂක සහයෝගිතා සංසදයේ 2026 සමුළුවට අනුබද්ධ ආගමන හා විගමන කළමනාකරණ සහයෝගිතා පිළිබඳ සාකච්ඡා මණ්ඩපයේදී මේ බව දැනුවත් කෙරිණ.
චීනයේ නිදහස් වීසා ප්‍රතිපත්තිය යටතේ රට තුළට විදේශිකයන් පැමිණි වාර සංඛ්‍යාව දෙකෝටි තිස්හත් ලක්ෂය ඉක්වමා ඇත. එය ප්‍රතිශතයක් ලෙස 77.6%ක ඉහළ අගයක් ගන්නා අතර, පසුගිය වසරේ එම කාල සීමාවට සාපේක්ෂව 26.8%ක වර්ධනයක් ද පෙන්නුම් කිරීමකි.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම