මෙම වසරේ මුල් මාස 08 තුළ, චීනයේ භාණ්ඩ වෙළඳ ගනුදෙනු සඳහා වූ ආනයන හා අපනයන සමස්ත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 34.78ක් බව පෙන්නුම් කෙරේ. පසුගිය වසරේ අදාළ කාලසීමාව හා සැසඳීමේදී එය 17.6%කින් වර්ධනය වී ඇතැයි චීන මහා රේගු පරිපාලනය අද (08) නිකුත් කළ සංඛ්‍යාලේඛනවල දැක්වෙයි.
ඒ අනුව, අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 20.17ක් වූ අතර, පසුගිය වසරේ එම කාලයට වඩා මෙය 14.6%ක වර්ධනයකි. ආනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 14.61ක් වූ අතර, පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේදී 22%ක වැඩිවීමක් පෙන්නුම් කෙරේ.
එමෙන්ම, ඉකුත් අගෝස්තු මාසයේ චීනයේ අපනයන හා ආනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 4.65ක් වූ අතර, මෙම අගය පසුගිය වසරේ අගෝස්තු මාසයට වඩා 19.8%කින් වර්ධනය වී ඇත.
තවද, පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව, ඉකුත් මාස 06 තුළ, ආනයනයන්හි වර්ධන වේගය අඛණ්ඩව අපනයන වර්ධන වේගය අභිබවා ගොස් තිබීම විශේෂත්වයකි.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම