November 11, 2026

වසරේ මුල් මාස 08දී චීනයේ භාණ්ඩ වෙළඳ ගනුදෙනුවල අඛණ්ඩ වර්ධනයක්

මෙම වසරේ මුල් මාස 08 තුළ, චීනයේ භාණ්ඩ වෙළඳ ගනුදෙනු සඳහා වූ ආනයන හා අපනයන සමස්ත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 34.78ක් බව පෙන්නුම් කෙරේ. පසුගිය වසරේ අදාළ කාලසීමාව හා සැසඳීමේදී එය 17.6%කින් වර්ධනය වී ඇතැයි චීන මහා රේගු පරිපාලනය අද (08) නිකුත් කළ සංඛ්‍යාලේඛනවල දැක්වෙයි.

ඒ අනුව, අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 20.17ක් වූ අතර, පසුගිය වසරේ එම කාලයට වඩා මෙය 14.6%ක වර්ධනයකි. ආනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 14.61ක් වූ අතර, පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේදී 22%ක වැඩිවීමක් පෙන්නුම් කෙරේ.

එමෙන්ම, ඉකුත් අගෝස්තු මාසයේ චීනයේ අපනයන හා ආනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 4.65ක් වූ අතර, මෙම අගය පසුගිය වසරේ අගෝස්තු මාසයට වඩා 19.8%කින් වර්ධනය වී ඇත.

තවද, පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව, ඉකුත් මාස 06 තුළ, ආනයනයන්හි වර්ධන වේගය අඛණ්ඩව අපනයන වර්ධන වේගය අභිබවා ගොස් තිබීම විශේෂත්වයකි.

About The Author