November 10, 2026

චීන අන්තර් දේශසීමා දූෂණ විරෝධී නීතියට අදාළ සංශෝධන කෙටුම්පත පරීක්ෂා කිරීමේ යෝජනාව ප්‍රථම වරට චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර ස්ථාවර කමිටුවට  

චීන අන්තර් දේශසීමා දූෂණ විරෝධී නීතියට අදාළ සංශෝධන කෙටුම්පත පරීක්ෂා කිරීම සඳහා වන යෝජනාව අද (25 )ප්‍රථම වරට 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 24 වැනි සැසිවාරයට ඉදිරිපත් කෙරිණ. 

අන්තර් දේශසීමා දූෂණ විරෝධී කටයුතු මූලධර්ම, කරුණු, යෝජනා, අන්තර් දේශසීමා දූෂණ විරෝධී කාර්යය සඳහා යාන්ත්‍රණ සහ වගකීම්, නඩු හැසිරවීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම, ව්‍යාවසායන්ගේ දූෂණ විරෝධී වගකීම්, නීතිමය වගකීම් කෙරෙහි විශේෂ නීතී සම්පාදනය කිරීම වැනි අරමුණු මුල් කරගනිමින් මෙය සම්පාදනය කර ඇත.

අන්තර් දේශසීමා දූෂණ විරෝධී නීතිය සම්පාදනය කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික කොංග්‍රසයෙන් පසු, චීනයේ අදාළ වැඩකටයුතු ක්‍රියාත්මක කිරීමේදී ලබා ගත් අත්දැකීම් හා ජයග්‍රහණ නීත්‍යනුකූල ලෙස ස්ථිර කරමින්  අදාළ නීති පියවර පුළුල් කිරීමට ඉවහල් වේ. එමෙන්ම අන්තර් දේශසීමා දූෂණ විරෝධී නඩු විමර්ශනය සඳහා ප්‍රබල නීතිමය සුරක්ෂිතභාවයක් ලබා දීම ද එමගින් අපේක්ෂා කෙරේ. 

About The Author