November 11, 2026

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් නොවන නියෝජිතයින් සමග සාකච්ඡාවක් පවත්වයි

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් නොවන නියෝජිතයින් සමග සාකච්ඡාවක් පසුගිය 24වනදා බෙයිජිංහිදී පැවැත්විණ. වත්මන් ආර්ථික තත්ත්වය හා වසරේ දෙවන භාගයේ ආර්ථික කටයුතු පිළිබඳව විවිධ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල මධ්‍යම කාරක සභාවල, චීනයේ සමස්ත කාර්මික හා වාණිජ සම්මේලනයේ හා නිර්පාක්ෂිකයින්ගේ නියෝජිතයන්ගේ අදහස් හා යෝජනාවලට එහිදී සවන් දී තිබිණ. අනතුරුව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වැදගත් දේශනයක් සිදු කළේය.

මෙම වසරේ මුල් භාගයේදී, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ශක්තිමත් නායකත්වය යටතේ, විවිධ ප්‍රදේශ සහ ආයතන අභ්‍යන්තර හා බාහිර අවදානම් සහ අභියෝගවලට ඵලදායී ලෙස මුහුණ දුන් අතර, ඉන් ආර්ථිකයේ කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාව සහ ජීව ශක්තිය පෙන්නුම් කළ බව ෂී ජින්පිං මහතා සඳහන් කළේය.

මෙහිදී ඔහු විවිධ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, චීනයේ සමස්ත කාර්මික හා වාණිජ සම්මේලනය හා නිර්පාක්ෂිකයින් සඳහා බලාපොරොත්තු තුනක් ඉදිරිපත් කළේය. පළමුව, සංවර්ධනය කෙරෙහි ස්ථිර විශ්වාසයෙන් සිටිමින් වසරේ ආර්ථික හා සමාජ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා එක්ව කටයුතු කළ යුතුය. දෙවනුව, ගැඹුරු පර්යේෂණ හා අධ්‍යයනය මත පදනම්ව, සාධනීය යෝජනා ඉදිරිපත් කළ යුතු අතර, රටේ ස්ථාවර හා ධනාත්මක ආර්ථික ප්‍රවණතාවක් සඳහා ප්‍රඥාවෙන් සහ ශක්තියෙන් දායක විය යුතුය. තෙවනුව, උසස් තත්ත්වයේ සංවර්ධනයට හිතකර වාතාවරණයක් නිර්මාණය කිරීම සඳහා, තම සාමාජිකයින්ට සහ ඔවුන් හා සබඳතා පවත්වාගෙන යන මහජනතාවට, චින්තනමය හා දේශපාලනික මගපෙන්වීම ශක්තිමත් කළ යුතුය. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය සහ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ඔවුන්ගේ දේශපාලනමය, චින්තනමය, න්‍යායාත්මක සහ හැඟීම් පිළිගැනීම තහවුරු කිරීමට කටයුතු කළ යුතු බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කර ඇත.

About The Author