November 10, 2026

ජපානය චීනය තුළ අතහැර දැමූ රසායනික අවි කඩිනමින් ඉවත් කරන ලෙස චීනයෙන් ඉල්ලීමක්

ජපානය චීනය තුළ අතහැර දැමූ රසායනික අවි ඉවත් කිරීම සඳහා චීන රජය සහ ජපාන රජය අතර සංදේශය අත්සන් කිරීමේ 27 වන සංවත්සරය අදට(30) යෙදී තිබේ.

ජපානය චීනය තුළ අතහැර දැමූ රසායනික අවි යනු චීනයට එරෙහි ආක්‍රමණශීලී යුද්ධයේදී ජපන් මිලිටරිවාදය විසින් සිදු කළ බරපතල අපරාධවලින් එකකි. ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ජපානයට කිසිදා මගහැරිය නොහැකි වගකීමක් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(30) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසූවාය.

රසායනික අවි සම්මුතියේ සහ චීන-ජපන් සංදේශයේ අවශ්‍යතාවයන්ට අනුකූලව, ජපානය 2007 වන විට අතහැර දැමූ රසායනික අවි ඉවත් කිරීම සම්පූර්ණ කළ යුතු නමුත් එම ඉවත් කිරීමේ සැලැස්ම සිව් වතාවක් කල් දමා ඇත. 

තම වගකීම් සහ බැඳීම් සම්පූර්ණයෙන්ම ඉටු කරන ලෙසත්, වළලනු ලැබූ රසායනික අවි සම්බන්ධයෙන් ඵලදායී ඉඟි සහ තොරතුරු හැකි ඉක්මනින් ලබා දී, අතහැර දමා ඇති රසායනික අවි ඉවත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසත් චීනය ජපානයෙන් දැඩිව ඉල්ලා සිටින බව ද ඇය ප්‍රකාශ කර ඇත.

About The Author