May 31, 2026

බෙයිජිංහි දෙව්ලොව පන්සල නැරඹීමට එක් වූ චීන-ඇමරිකානු ජනපතිවරු

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අද (14) බෙයිජිංහි පිහිටි ඓතිහාසික සහ ආගමික වශයෙන් වැදගත් ස්ථානයක් වන “Temple of Heaven” හෙවත් දෙව්ලොව පන්සල නැරඹීමට එක් වූණා.
එහි පිහිටි සරු අස්වැන්නක් වෙනුවෙන් පුද පූජා පැවැත්වූ විශේෂ යාඥා ශාලාවේදී ෂී ජින් පිං මහතා විසින් ට්‍රම්ප් මහතා පිළිගනු ලැබුවා. අනතුරුව රාජ්‍ය නායක දෙපළ එම ශාලාව ඉදිරිපිට පිහිටි චතුරශ්‍රය අසලදී ඡායාරූපයකට ද පෙනී සිටියා.

About The Author