April 16, 2026

බෝආඕ ආසියානු සංසදයේ 2026 වාර්ෂික සමුළුවේ පූර්ණ සම්මේලනය පැවැත්වේ

බෝආඕ ආසියානු සංසදයේ 2026 වාර්ෂික සමුළුවේ පූර්ණ සම්මේලනය පැවැත්වෙයි. චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති Zhao Leji මහතා ඊයේ(26) පැවති එම සම්මේලනයේ දී ‘නිවැරදි දිශානතියේ රැඳී සිටිමින් පැහැබර අනාගතය එක්ව නිර්මාණය කරමු’ යන මැයෙන් දේශනයක් සිදු කළේය.

ශ්‍රී ලංකාවේ කථානායක ජගත් වික්‍රමරත්න, සිංගප්පූරු අගමැති Lawrence Wong, අසර්බයිජානයේ ජාතික සභාවේ සභාපතිනි Sahiba Ali ghizi Gafarova, කසකස්ථානයේ පළමු උප අගමැති Roman Sklyar, බෝආඕ ආසියානු සංසදයේ අධ්‍යක්ෂ ජනරාල් බැන් කී මුන් යන මහත්ම මහත්මීන් ඇතුළු 60කට වැඩි රටවල් හා කලාපවලින් පැමිණි දේශපාලන මෙන්ම වාණිජ ක්‍ෂේත්‍රයන්හි විද්වතුන් සහ මාධ්‍යවේදීන් ඇතුළු නියෝජිත‍යෝ 1600කට වැඩි පිරිසක් එම සම්මේලනයට එක්ව සිටියහ.

Zhao Leji මහතා එහිදී පැවසුවේ මෙම වසරට බෝආඕ ආසියානු සංසදය ස්ථාපිත කිරීමේ 25වන සංවත්සරය යෙදී ඇති බවය. වර්තමානයේදී ලෝකවාසීන්ගේ සාමය, සංවර්ධනය, සාධාරණත්වය ඇති කර ගැනීමේ අභිලාෂයන් මනාව කැපී පෙනේ. මෙවර වාර්ෂික සමුළුවේ තේමාව ‘නව ප්‍රවණතා, නව අවස්ථා සහ නව සහයෝගිතා සමගින් අනාගතය එක්ව හැඩගස්වමු’යන්නයි. මෙය යථාර්ථය බලගැන්වීමකි. වත්මන් වෙනස්වන ලෝකය හමුවේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීමේ සංකල්පය හා ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම, ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම මෙන්ම ගෝලීය පාලන මුලපිරුම ද ඉදිරිපත් කළ බව පැවසූ Zhao Leji මහතා මෙවැනි ප්‍රවේශයන් ලෝකයට නිවැරදි මගපෙන්වීමක් ලබා දෙන බව ද පැවසීය.

එමෙන්ම, සිය ආර්ථික සංවර්ධනය, ජීවනෝපාය වැඩි දියුණු කිරීම වෙත අවධානයක් යොමු කරන චීනය, ඊට සමගාමීව විවිධ රටවල පොදු සංවර්ධනය තහවුරු කිරීම වෙනුවෙන් අඛණ්ඩ ව කැපකිරීමක් සිදු කරන බව Zhao Leji මහතා කියාසිටියේය. චීනය තවදුරටත් ඉහළ මට්ටමේ විවෘතභාවය පුළුල් කරනු ඇත. විවිධ රටවල ව්‍යවසායන් චීන වෙළඳපොළ වෙත සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරන බවත්, චීනය විදේශ ව්‍යවසායන්ට සිය ව්‍යාපාරික කටයුතු වැඩිදියුණු කර ගැනීමේ දැවැන්ත වේදිකාවක් බවත් හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

About The Author