මැදපෙරදිග ප්‍රදේශයේ දිගුකාලීන යුද්ධයක් කිසිදු පාර්ශ්වයකට අවශ්‍ය නොවන අතර සටන් විරාමය සහ සංවාදය එකම විසඳුම බව චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියන් මහතා මෙසේ පැවසුවේ ඊයේ(24) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදීය. ඉරාන බලාගාරවලට පහරදීම දින පහකට කල් දමන බවත් ඇමරිකානු රජය ඉරාන නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන් චීනයේ අදහස කුමක් දැයි මාධ්‍ය වේදියෙක් විමසීය.
මැදපෙරදිග ප්‍රදේශයේ උත්සන්න වන තත්ත්වය සහ කලාපීය සහ ජාත්‍යන්තර සාමය හා ස්ථාවරත්වය කෙරෙහි එහි බලපෑම් පිළිබඳව චීනය දැඩි කනස්සල්ලට පත්ව සිටී. කඩිනමින් යුද්ධය නවතා සාමකාමී සංවාද මාවතට පැමිණෙන ලෙස චීනය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද ලින් ජියන් මහතා පැවසීය.
More Stories
චීන – වියට්නාම සබඳතා සංවර්ධනයේ වැදගත්කම චීන ජනපති පෙන්වා දෙයි
මැදපෙරදිග ප්රශ්නය පිළිබඳ චීන රජයේ විශේෂ නියෝජිත සහ කුවේටයේ විදේශ ඇමති අතර හමුවක්
ලොවක් වසඟ කළ චීන සංස්කෘතික උළෙල