
ඉරානය ඉදිරි පැය 48 ඇතුළත හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් විවෘත නොකළහොත්, එරට බලාගාරවලට පහරදී විනාශ කරන බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කරයි.
එම ප්‍රහාර ඉරානයේ විශාලතම බලාගාරයෙන් ආරම්භ කරනු ඇති බවත් සිය Truth Social වෙබ් අඩවියේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේය.
ඊට ප්‍රතිචාර වශයෙන්, ඉරානයේ ප්‍රධාන මිලිටරි අණදෙන මූලස්ථානය ප්‍රකාශයක් සිදු කරමින් කියාසිටියේ සිය බලශක්ති යටිතල පහසුකම්වලට පහර එල්ල කළහොත් කලාපයේ ඇමරිකා සහ ඊශ්‍රායලයට අයත් බලශක්ති, තොරතුරු තාක්ෂණ සහ ලවණ ඉවත් කිරීමේ යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කරන බවය.
කෙසේ වෙතත් ඉරානයට එරෙහිව ට්‍රම්ප්ගේ අවසාන නියෝගය දැඩි බවක් පෙන්නුම් කරන අතර මීට දිනකට පෙර ඔහු සඳහන් කර තිබුණේ වොෂින්ටනය සිය මිලිටරි මෙහෙයුම් අවසන් කිරීම පිළිබඳ සලකා බලමින් සිටින බවය. එමෙන්ම ඉරානය සමග සටන් විරාමයකට එළඹීම ද ඔහු ප්‍රතික්ෂේප කර ඇත.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි