April 16, 2026

ඉදිරි පැය 48 ඇතුළත හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලාගාර විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජනාත්මක ප්‍රකාශයක් 

ඉරානය ඉදිරි පැය 48 ඇතුළත හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් විවෘත නොකළහොත්, එරට බලාගාරවලට පහරදී විනාශ කරන බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කරයි.

එම ප්‍රහාර ඉරානයේ විශාලතම බලාගාරයෙන් ආරම්භ කරනු ඇති බවත් සිය Truth Social වෙබ් අඩවියේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර වශයෙන්, ඉරානයේ ප්‍රධාන මිලිටරි අණදෙන මූලස්ථානය ප්‍රකාශයක් සිදු කරමින් කියාසිටියේ සිය බලශක්ති යටිතල පහසුකම්වලට පහර එල්ල කළහොත් කලාපයේ ඇමරිකා සහ ඊශ්‍රායලයට අයත් බලශක්ති, තොරතුරු තාක්ෂණ සහ ලවණ ඉවත් කිරීමේ යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කරන බවය. 

කෙසේ වෙතත් ඉරානයට එරෙහිව ට්‍රම්ප්ගේ අවසාන නියෝගය දැඩි බවක් පෙන්නුම් කරන අතර මීට දිනකට පෙර ඔහු සඳහන් කර තිබුණේ වොෂින්ටනය සිය මිලිටරි මෙහෙයුම් අවසන් කිරීම පිළිබඳ සලකා බලමින් සිටින බවය. එමෙන්ම ඉරානය සමග සටන් විරාමයකට එළඹීම ද ඔහු ප්‍රතික්ෂේප කර ඇත. 

About The Author