48 වන ලෝක වෘත්තීය කුසලතා තරගාවලිය වෙනුවෙන් චීන ජනපති සුබපැතුම් ලිපියක් යොමු කරයි. අද (22) චීනයේ ශැංහයි නුවරදී ආරම්භ වූ එම තරගාවලිය වෙනුවෙන් චීන ජනපති ෂී ජින්පිං මහතා සුබපැතුම් ලිපියක් යොමු කර තිබේ.
වර්තමානයේ නව වටයේ විද්‍යා හා තාක්ෂණික විප්ලවය හා කර්මාන්තයන්හි ප්‍රතිසංස්කරණ ශීඝ්‍රයෙන් සිදු වෙමින් පවතී. එය ගෝලීය වෘත්තීය කුසලතා සංවර්ධනයට ගැඹුරු බලපෑමක් ගෙන දී ඇතැයි හෙතෙම එම ලිපියෙන් පෙන්වා දෙයි. විවිධ රටවල ප්රවීණයන්ගේ කුසලතා වර්ධනය කිරීම සහ ඔවුන් අතර අන්‍යෝන්‍ය ඉගෙනීම සඳහා ලෝක වෘත්තීය කුසලතා තරගාවලිය ඵලදායී වේදිකාවකි. මෙවර ලෝක වෘත්තීය කුසලතා තරගාවලිය පැවැත්වීම, චීනයට සිය ශ්‍රමිකයන් විශේෂයෙන් තරුණ ශ්‍රමිකයන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමේ මනා අවස්ථාවකි. විවිධ පාර්ශ්වයන් සමග එක්ව ලෝක වෘත්තීය කුසලතා වර්ධනය වඩාත් ඉදිරියට ගෙන යාමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා සිය සුබපැතුම් ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම