නව යුගයේ සොඳුරු අනාගතය නිර්මාණය කිරීමේ කාර්යභාරය සඳහා චීන හා ඇමරිකා තරුණ ප්‍රජාවට දායක විය හැකි බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි.
පසුගියදා Harvard විශ්වවිද්‍යාලය ඇතුළු ඇමරිකානු විශ්වවිද්‍යාල 10ක සිසුහු සියයකට ආසන්න පිරිසක් සංස්කෘතික හුවමාරු වැඩසටහන් සඳහා චීනයට පැමිණියහ. ඔවුන් චීනයේ රැඳී සිටි කාලයේ ලද අත්දැකීම් සටහන් කරමින් දෙරටේ මිත්‍රත්වය වර්ධනය කිරීම වෙනුවෙන් දායක වීමට කැමැත්ත පළ කරමින් චීන ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. චීන ජනාධිපතිවරයා එම ලිපියට පිළිතුරු දී ඇත.
එකම මිහිතලයක ජීවත් වන චීන හා ඇමරිකානු තරුණයින්ට පොදුවේ යුගයේ කාර්යභාරයන් ඉටු කිරීමට දායක විය හැකි බව හෙතෙම එම ලිපියෙහි සඳහන් කර තිබිණ. දෙරට තරුණ ප්‍රජාව චීන-ඇමරිකා මිත්‍ර සහයෝගිතාවයෙහි උරුමකරුවන්, සුරකින්නන් හා සංවර්ධකයන් ලෙස කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්