2026 වසරේ චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය එළඹෙන සැප්තැම්බර් 9 වැනිදා ආරම්භ වීමට නියමිතය. ඊයේ(6) පැවති අදාළ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් විය.
මේ වනවිට, රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන 60කට අධික සංඛ්‍යාවක් එම ප්‍රදර්ශනයට සහභාගි වීමට නියමිත අතර, ලොව වැඩි ම ආදායමක් ලබන ප්‍රමුඛතම සමාගම් 500( Fortune 500 ) අතරට අයත් සමාගම් සහ ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ සමාගම් 300කට ආසන්න සංඛ්‍යාවක් මෙවර ප්‍රදර්ශනය සඳහා සහභාගී වන බව නිල වශයෙන් තහවුරු කර ඇත.
බලශක්තිය ප්‍රධාන තේමාව ලෙස ගනිමින් පැවැත්වෙන මෙවර ප්‍රදර්ශනයේදී ගෝලීය බලශක්ති පරිවර්තන ප්‍රවණතාවයට වැඩි අවධානයක් යොමු කිරීම විශේෂත්වයකි.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම