March 1, 2026

2026 නව වසර පිළිගැනීම වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයේ රාත්‍රී සංදර්ශනය අද රාත්‍රියේ

2026 නව වසර පිළිගැනීම වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයේ රාත්‍රී සංදර්ශනය අද(31) රාත්‍රී 8 ට විකාශය කෙරේ. මෙම සංදර්ශනය චීන මාධ්‍ය සමූහයට අයත් CCTV-1 නාලිකාව, CCTV-3  නාලිකාව, CCTV-15 නාලිකාව සහ ප්‍රවෘත්ති නාලිකාව වැනි වේදිකා හරහා සමගාමීව විකාශය කෙරෙනු ඇත.

මෙම  සංදර්ශනය ප්‍රථම වරට චීනයේ Shanxi පළාතේ Lvliang නගරයේදී පැවැත්විණ. මෙම සංදර්ශනයට ගීත හා නැටුම්, ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම, සටන් කලා අංග සහ රොබෝ අන්තර් ක්‍රියාකාරී මැජික් ඇතුළු අද්විතීය සංස්කෘතික අංග 60කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වේ.

ධ්‍රැවීය ප්‍රදේශවල කටයුතු කරන චීන විද්‍යාත්මක ගවේෂණ කණ්ඩායමට, රට ආරක්ෂා කරන දේශසීමා ආරක්ෂකයින්ට සහ ජාතික ක්‍රීඩා උළෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම සංදර්ශනයෙන් උපහාර පිරිනැමේ. එමෙන්ම, මෙම සංදර්ශනයට චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දැනට රාජකාරියේ යෙදී සිටින ගගනගාමීන්ගෙන් අලුත් අවුරුදු සුබ පැතුම් ද එක් විය.

About The Author