ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සහ පීලි පැනීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (29) ස්පාඤ්ඤයේ හයවන ෆෙලිපේ රජු වෙත සිය සංවේගය පළ කරමින් පණිවිඩයක් යොමු කළේය.
ස්පාඤ්ඤයේ Toledo පළාතේ සිදු වූ එම අනතුරෙන් විශාල ජීවිත හානි සිදු වූ බව දැන ගැනීමෙන් තමන් කම්පනයට පත් වූ බව ෂී ජින් පිං මහතා යොමු කළ එම පණිවිඩයේ දැක්වේ. චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් එහිදී ජීවිතක්ෂයට පත්වූවන් පිළිබඳව ශෝකය පළ කරමින් ඔවුන්ගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් වෙත තම හෘදයාංගම සංවේගය ප්‍රකාශ කරන බව ෂී ජින් පිං මහතා දන්වා ඇත. තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ද ඔහු පැවසීය.
චීන අගමැති ලී ච්‍යං මහතා ද එදිනම ස්පාඤ්ඤ අගමැති Pedro Sánchez මහතා වෙත ශෝක පණිවිඩයක් යොමු කර තිබේ.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්