November 10, 2026

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය අනතුර සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් ශෝක පණිවිඩයක්

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සහ පීලි පැනීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (29) ස්පාඤ්ඤයේ හයවන ෆෙලිපේ රජු වෙත සිය සංවේගය පළ කරමින් පණිවිඩයක්‍ යොමු කළේය.

ස්පාඤ්ඤයේ Toledo පළාතේ සිදු වූ එම අනතුරෙන් විශාල ජීවිත හානි සිදු වූ බව දැන ගැනීමෙන් තමන් කම්පනයට පත් වූ බව ෂී ජින් පිං මහතා යොමු කළ එම පණිවිඩයේ දැක්වේ. චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් එහිදී ජීවිතක්ෂයට පත්වූවන් පිළිබඳව ශෝකය පළ කරමින් ඔවුන්ගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් වෙත තම හෘදයාංගම සංවේගය ප්‍රකාශ කරන බව ෂී ජින් පිං මහතා දන්වා ඇත. තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ද ඔහු පැවසීය.

චීන අගමැති ලී ච්‍යං මහතා ද එදිනම ස්පාඤ්ඤ අගමැති Pedro Sánchez මහතා වෙත ශෝක පණිවිඩයක් යොමු කර තිබේ.

About The Author