November 11, 2026

බෙයිජිංහි පැවති “2026 ලෝක නගරාධිපතිවරුන්ගේ සංවාදය” සාර්ථකයි

“2026 ලෝක නගරාධිපතිවරුන්ගේ සංවාදය” ට අදාළ තවත් වැඩසටහනක් ජුනි මස 02 වැනිදා සිට 03 වැනිදා දක්වා චීනයේ බෙයිජිංහිදී පැවැත්විණ. මෙම සංවාදය චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ මඟ පෙන්වීම යටතේ පවත්වන ලදී.

මොරොක්කෝව, සීෂෙල්ස්, ටියුනීසියාව සහ සෙනගල් ඇතුළු අප්‍රිකානු රටවල් හයක නගරාධිපතිවරුන් සහ නගර නියෝජිතයින් 30කට වැඩි පිරිසක් මෙන්ම ලෝක සංචාරක නගර සම්මේලනයේ සාමාජික නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක් විය.

“ශිෂ්ටාචාර අතර හුවමාරුව සහ අන්‍යෝන්‍ය ඉගෙනීම ශක්තිමත් කිරීම සහ චීනය සහ අප්‍රිකාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම” යන තේමාව යටතේ මෙහිදී ගැඹුරු හුවමාරු සහ අන්තර්ක්‍රියාවල නිරත වූ ඔවුන් චීනය සහ අප්‍රිකාව අතර සංස්කෘතික හුවමාරු සහ නාගරික සහයෝගීතාවයේ සංවර්ධන මාවත ඒකාබද්ධව ගවේෂණය කරන්නට ද විය.

About The Author