March 1, 2026

තායිවාන ප්‍රදේශය මව්රටේ ස්වෛරීභාවයට යළි එක්වීමේ 80 වැනි සංවත්සර සැමරුම් උත්සවය බෙයිජිංහිදී

තායිවාන ප්‍රදේශය මව්රටේ ස්වෛරීභාවයට යළි එක්වීමේ 80 වැනි සංවත්සර සැමරුම් උත්සවය අද (25) බෙයිජිංහිදී පැවැත්විණ.

චීන ආණ්ඩු පක්ෂයේ, රජයේ, හමුදාවේ, මහජන කණ්ඩායම්වල හා බෙයිජිං නගරයේ ප්‍රධානීන්, විවිධ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල, සමස්ත චීන කර්මාන්ත හා වාණිජ සම්මේලනයේ බලධාරීන්, නිර්පාක්ෂිකයින්, අගනගරයේ විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයින්, විද්වතුන් මෙන්ම තායිවාන ප්‍රදේශයේ, හොංකොං හා මැකව් විශේෂ පරිපාලන කලාපවල ස්වදේශික නියෝජිතයින්, විදේශයන්හි සිටින චීන ජාතිකයින්, චීනයේ විදේශ තානාපතිවරුන් සහ චීනයේ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් ඇතුළු 500 ක් පමණ පිරිසක් එම උත්සවයට සහභාගී වී ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සභාපති Wang Huning මහතා උත්සවයට එක් වෙමින් දේශනයක් පැවැත්වීය.

චීන කොමියුනිස්ට් පක්ෂය සහ රාජ්‍යය ‘තායිවාන ප්‍රදේශය මව්රටේ ස්වෛරීභාවයට යළි එක්වීමේ සංවත්සර සැමරුම් දිනය’ නම් කිරීම, එකම චීනය මූලධර්මය, ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා සමස්ත ජනතාවගේ නොසැලෙන ස්ථාවරය පෙන්නුම් කරන බව Wang Huning මහතා එහිදී පෙන්වා දුන්නේය. තායිවාන ස්වදේශිකයින් ඇතුළු සමස්ත චීන ජාතිකයන්ගේ පොදු අපේක්ෂාව ඉන් පිළිබිඹු කෙරෙන බව ද ඔහු කියා සිටියේය.

තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපස සිටින ස්වදේශිකයන් ‘සාමකාමී එක්සත් වීම’ සහ ‘එකම රට ක්‍රම දෙකක්’ යන ප්‍රතිපත්තියට අනුගත විය යුතු අතර, කිසිදු ආකාරයක තායිවාන බෙදුම්වාදයකට කිසිසේත් ඉඩ නොතැබිය යුතු බව  Wang Huning මහතා එහිදී අවධාරණය කර ඇත.

About The Author