ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(15) ඇලස්කාවේ ඇන්කරේජ් හිදී හමු වී තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා ඇත. නායක දෙපළගේ සාකච්ඡාවේ ප්‍රගතියක් පෙන්නුම් කළ ද එහිදී ගිවිසුමකට එළඹීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
සාකච්ඡාවෙන් පසුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී, ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැවසුවේ බොහෝ කරුණු පිළිබඳව එකඟතාවයකට එළඹ ඇති බවත්, විධිමත් ගිවිසුමක් ඇති නොවුවද සාකච්ඡාවෙන් යම් ප්‍රගතියක් ලබා ගත් බවය. එමෙන්ම යුක්රේනයේ ආරක්ෂාව සහතික කළ යුතු බවට තමා එකඟ වූ බව පැවසූ ව්ලැඩිමීර් පුටින් මහතා, ඇති වූ එකඟතා තුළින් සාමය කරා ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ද සඳහන් කළේ ය. මෙම සාකච්ඡාව යුක්රේන ගැටලුව විසඳීම පමණක් නොව රුසියා-ඇමරිකා අතර වෙළඳ කටයුතු සම්බන්ධ ව ද යහපත් තත්ත්වයක් නිර්මාණය කර ගැනීමට මනා ආරම්භයක් වනු ඇති බව ව්ලැඩිමීර් පුටින් මහතා පවසා සිටියේය. එමෙන්ම කඩිනමින් යුක්රේන ජනාධිපතිවරයා සහ යුරෝපීය නායකයින් සමග ද සාකච්ඡා සිදු කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති