ලොව පුරා අලිඇතුන් සංරක්ෂණය හා ආරක්ෂාව සඳහා ප්‍රකාශයට පත්කළ ‘ජාත්‍යන්තර අලිඇතුන්ගේ දිනය’ අදට (අගෝස්තු 12) යෙදී තිබෙනවා.
ඒ අනුව අප්‍රිකානු සහ ආසියානු වනඅලි සහ හීලෑ අලිඇතුන් රැකබලා ගැනීම, අලි ඇතුන් දඩයම් කිරීම, විකිණීම, අලි වාසස්ථාන ආරක්ෂා කිරීම සහ ගෘහාශ්‍රිත අලිඇතුන්ට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය කටයුතු අරමුණ කරගනිමින් 2012 වසරේ දී මෙම දිනය ප්‍රකාශයට පත්කරනු ලැබුවා.
එදා සිට මේ වන තුරු ලොව රටවල් 100කට අධික සංඛ්‍යාවක් මෙම දිනය පිළිගෙන සමරනු ලබනවා.
එසේම සොබාදහම සංරක්‍ෂණය වෙනුවෙන් වූ ජාත්‍යන්තර සංගමයට අනුව (IUCN) වර්තමානය වන විට අප්‍රිකානු අලි ‘අවදානමට ලක්විය හැකි’ බවටත් ආසියානු අලි ‘වඳවීමේ තර්ජනයට ලක්ව ඇති’ බවටත් රතු ලැයිස්තුවේ ලැයිස්තුගත කර තිබෙන බව සඳහන්.
මිහිමත දැවැන්තයන් රැක ගැනීමේ මහඟු කාර්යභාරයට සියලු දෙනාට එක්වන ලෙසයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
More Stories
තායිවාන ස්වාධීනත්වයට සහාය දැක්වීම චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර නිතීය උල්ලංඝනය කිරීමක්–චීන විදේශ ඇමතිවරයා
චීනයෙන් ශ්‍රී ලංකාවට හදිසි සහනාධාර
ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් කොළඹදී