ඇමරිකා ජනාධිපති Donald Trump මහතා හා රුසියානු ජනාධිපති Vladimir Putin මහතා ලබන 15 වනදා හමු වනු ඇති බව වාර්තා වේ. එමෙන්ම එම හමුවට එක්වීමට යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy මහතාට සහ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට ආරාධනා ලැබී නොමැත. ඒ සම්බන්ධයෙන් ඊයේ(12) මාධ්‍ය වේදියෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා අදහස් දැක්වීය. සාමකාමීව අර්බුදය විසඳීම වෙනුවෙන් වන සියළු උත්සාහයන්ට චීනය අනුබල දෙමින් රුසියාව හා ඇමරිකාව සංවාද පැවැත්වීම, සබඳතාව ප්‍රශස්ත කිරීම හා දේශපාලන ක්‍රමයෙන් යුක්රේන අර්බුදය විසඳීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම චීනය පිළි ගන්නා බව හෙතෙම පැවසීය. සියළු අදාළ පාර්ශ්වයන් නිසි ලෙස එම සාකච්ඡාවට එක් වෙමින් කඩිනමින් සාධාරණ, දිගුකාලීන මෙන්ම ශක්තිමත් සාම ගිවිසුමකට එළඹෙනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද Lin Jian මහතා සඳහන් කර ඇත.
එළඹෙන ඇමරිකා-රුසියා නායක හමුව පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති