චීනයේ තායිවාන ප්‍රදේශයට ඇමරිකාව සිදු කරන අවි අලෙවිය සම්බන්ධයෙන් චීනය දැඩි ලෙස විරෝධය පළ කරයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ(06) මේ පිළිබඳව සඳහන් කරමින් පැවසුවේ, මේ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය වඩාත් පැහැදිලි බවයි.
චීනයේ තායිවාන ප්‍රදේශය මෑතකදී ඇමරිකාවෙන් F-16V ප්‍රහාරක ජෙට් යානා දෙකක් මිලදී ගෙන ඇති අතර, මෙම වසර තුළ තවත් යානා 64ක් ලබා ගැනීමට නියමිත බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියේය.
මෙහිදී Guo Jiakun මහතා ප්‍රකාශ කළේ, චීන-ඇමරිකා ජනාධිපතිවරුන් අතර පැවති හමුවේදී ඇති කර ගත් වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට ඇමරිකා පාර්ශ්වය කටයුතු කළ යුතු බවයි. එමෙන්ම එකම චීනය මූලධර්මය සහ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ තුනට අනුකූලව කටයුතු කරමින් තායිවාන ප්රශ්නය පිළිබඳ විචක්ෂණශීලීව ක්‍රියා කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
තායිවාන ගැටලුව චීනයේ අභ්‍යන්තර කටයුත්තකි. එය විසඳීම චීන ජනතාවගේ කාර්යයක් වන අතර ඊට කිසිදු බාහිර මැදිහත්වීමක් අවශ්‍ය නොවන බව Guo Jiakun මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්