November 10, 2026

චීනයේ තායිවාන ප්‍රදේශයට ඇමරිකාව අවි අලෙවි කිරීම සම්බන්ධයෙන් චීනයෙන් දැඩි විරෝධයක්

චීනයේ තායිවාන ප්‍රදේශයට ඇමරිකාව සිදු කරන අවි අලෙවිය සම්බන්ධයෙන් චීනය දැඩි ලෙස විරෝධය පළ කරයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun  මහතා ඊයේ(06) මේ පිළිබඳව සඳහන් කරමින් පැවසුවේ, මේ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය වඩාත් පැහැදිලි බවයි.

චීනයේ තායිවාන ප්‍රදේශය මෑතකදී ඇමරිකාවෙන් F-16V ප්‍රහාරක ජෙට් යානා දෙකක් මිලදී ගෙන ඇති අතර, මෙම වසර තුළ තවත් යානා 64ක් ලබා ගැනීමට නියමිත බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියේය.

මෙහිදී Guo Jiakun මහතා  ප්‍රකාශ කළේ, චීන-ඇමරිකා ජනාධිපතිවරුන් අතර පැවති හමුවේදී ඇති කර ගත් වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට ඇමරිකා පාර්ශ්වය කටයුතු කළ යුතු බවයි. එමෙන්ම එකම චීනය මූලධර්මය සහ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ තුනට අනුකූලව කටයුතු කරමින් තායිවාන ප්‍රශ්නය පිළිබඳ විචක්ෂණශීලීව ක්‍රියා කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

තායිවාන ගැටලුව චීනයේ අභ්‍යන්තර කටයුත්තකි. එය විසඳීම චීන ජනතා‍වගේ කාර්යයක් වන අතර ඊට කිසිදු බාහිර මැදිහත්වීමක් අවශ්‍ය නොවන බව Guo Jiakun මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

About The Author