November 10, 2026

ඇමරිකාව හා ඉරානය එළඹි අවබෝධතා ගිවිසුම එක්ව අනුගමනය කළ යුතු බව චීනය කියයි

ඇමරිකාව හා ඉරානය එළඹි අවබෝධතා ගිවිසුම එක්ව අනුගමනය කළ යුතු බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි. එකිනෙකාගේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව ගරු කිරීම, කිසිදු ආකාරයේ යුදමය මෙහෙයුම් දියත් නොකිරීම, එකිනෙකාගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම ඇතුළු කරුණු එමගින් අවධාරණය කෙරේ.  ඒ මත පදනම් ව එම රටවල් දෙක ම එක් ව ක්‍රියා කළ යුතු බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද(24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.

කලාපීය සාමය හා ස්ථාවරත්වය තහවුරු කිරීම සම්බන්ධ ව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ සිව්වැදෑරුම් යෝජනා මත පදනම් ව, එම කලාපය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් තවදුරටත් සංවර්ධනාත්මක කාර්යභාරයන් ඉටු කිරීමට චීනය සූදානම් බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් ක‍ර තිබේ.

About The Author