ඇමරිකාව හා ඉරානය එළඹි අවබෝධතා ගිවිසුම එක්ව අනුගමනය කළ යුතු බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි. එකිනෙකාගේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව ගරු කිරීම, කිසිදු ආකාරයේ යුදමය මෙහෙයුම් දියත් නොකිරීම, එකිනෙකාගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම ඇතුළු කරුණු එමගින් අවධාරණය කෙරේ. ඒ මත පදනම් ව එම රටවල් දෙක ම එක් ව ක්‍රියා කළ යුතු බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද(24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.
කලාපීය සාමය හා ස්ථාවරත්වය තහවුරු කිරීම සම්බන්ධ ව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ සිව්වැදෑරුම් යෝජනා මත පදනම් ව, එම කලාපය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් තවදුරටත් සංවර්ධනාත්මක කාර්යභාරයන් ඉටු කිරීමට චීනය සූදානම් බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම