රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා ඊයේ (19) රාත්‍රී චීනයේ බෙයිජිං අගනුවරට ළඟා වුණා. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනයකට අනුව, හෙතෙම දෙදින චීන නිල සංචාරයේ නිරත වීමට නියමිතයි.
රුසියානු ජනාධිපතිවරයාට ඊයේ රාත්‍රියේදී උණුසුම් පිළිගැනීමක් ලැබුණ අතර එම අවස්ථාවට චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා එක්ව සිටියා. මෙය රුසියානු ජනාධිපතිවරයාගේ 25 වන චීන සංචාරයයි. මෙහිදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමග සුවිශේෂ ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මෙම සංචාරය අතරතුර ද්විපාර්ශ්වික සබඳතා, විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා මෙන්ම, පොදු අවධානයට ලක්වන ජාත්‍යන්තර හා කලාපීය කරුණු පිළිබඳව චීන-රුසියා දෙරටේ නායකයින් අදහස් හුවමාරු කර ගැනීමට නියමිතයි.
More Stories
තීරණාත්මක චීන-උතුරු කොරියා නායක හමුව
විදෙස් රටවල ආයෝජන සම්බන්ධයෙන් චීනයෙන් නව රෙගුලාසියක්
චීන ඊජිප්තු සම්බන්ධතාවය ගොඩනැගීමේ 70වන සංවත්සරය වෙනුවෙන් දෙරට ජනපතිවරුන්ගෙන් සුබ පැතුම්