November 9, 2026

“නිර්-න්‍යෂ්ටික මූලධර්ම තුන”දැඩි ලෙස පිළිපදින්නැයි ජාත්‍යන්තර ප්‍රජාව ජපානයෙන් ඉල්ලා සිටිය යුතුයි-චීනය

“නිර්-න්‍යෂ්ටික මූලධර්ම තුන” දැඩි ලෙස පිළිපදින ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ජපානයෙන් ඉල්ලා සිටිය යුතු බව චීනය පවසයි.

දේශීය “ආරක්ෂක ලේඛන තුන” සංශෝධනය කිරීමේදී න්‍යෂ්ටික අවි සහ සබ්මැරීන පිළිබඳ සාකච්ඡා ද බැහැර නොකළ හැකි බව පසුගිය 28 වැනිදා ජපාන ආරක්ෂක අමාත්‍ය Shinjirō Koizumi ප්‍රකාශ කළ බව වාර්තා වේ. ඒ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද(30) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීනයේ ස්ථාවරය පැහැදිලි කළේය.

න්‍යෂ්ටික අවි භාවිතය පිළිබඳ සාකච්ඡා කිරීමට කැමතිද නැද්ද යන්න ජපානයට තීරණය කළ හැකි කාරණයක් නොවන බව ඔහු පෙන්වා දුන්නේය. න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුමේ පාර්ශ්වකරුවෙකු ලෙස, න්‍යෂ්ටික අවි භාර නොගැනීම, නිෂ්පාදනය නොකිරීම, සන්තකයේ තබා නොගැනීම සහ ව්‍යාප්ත නොකිරීම ජපානයට කිසිවිටෙකත් මඟ හැරිය නොහැකි ජාත්‍යන්තර නීතිමය බැඳීමකි. එබැවින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කිසිදු ඉඩක් නොමැති බව ද ඔහු අවධාරණය කළේය.

අදාළ නීතිමය බැඳීම් දැඩි ලෙස අනුගමනය කරමින්, “නැවත මිලිටරිකරණය” සහ න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීමේ උත්සාහයන් සම්පූර්ණයෙන්ම අත්හරින ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ජපානයෙන් ඉල්ලා සිටිය යුතු බව Guo Jiakun මහතා පවසා ඇත.

About The Author