November 10, 2026

ජන ජීවිතය ශක්තිමත් කිරීම පිළිබඳ චීන ජනපතිගේ වැදගත් ලිපියක් පළ වේ

“සියලු දෙනාට ප්‍රතිලාභ හිමි, මූලික සහ අවම ජීවන තත්ත්වයක් සහතික කරමින් ජන ජීවිත ශක්තිමත් කිරීම” යන මාතෘකාවෙන් යුතු චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ වැදගත් ලිපියක් හෙට(1) ‘Qiushi’ සඟරාවේ 19 වන කලාපයේ ප්‍රකාශයට පත් කෙරේ.

ජනතාව කේන්ද්‍රීය ප්‍රවේශයක් අනුගමනය කරමින්,  සියලු දෙනාට ප්‍රවේශ විය හැකි, මූලික සහ අවම ජීවන තත්ත්වයක් සහතික කර ජන ජීවිත ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය එම ලිපිය අවධාරණය කරයි. බහුතර ජනතාවගේ මූලික අයිතීන් ඵලදායී ලෙස තහවුරු කරමින් ජනතාව මුහුණ දෙන හදිසි, දුෂ්කර මෙන්ම ප්‍රායෝගික ගැටලු විසඳීම කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු බව ද එහි සඳහන් වේ. මූලික රාජ්‍ය සේවා පද්ධතිය සහ රාජ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමෙන් පොදු සමෘද්ධිය ප්‍රායෝගිකව ඉදිරියට ගෙන යා යුතු බව ද එහි සඳහන් ව ඇත.

මේ අතර, ජන ජීවිතය වැඩිදියුණු කිරීම සමග ආර්ථික සංවර්ධනය මනා ලෙස ඒකාබද්ධ කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරේ. ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සකස් කිරීමේදී ජන ජීවිතය යහපත් කිරීම පිළිබඳව ද සලකා බැලිය යුතු අතර, ජන ජීවිත යහපත් කිරීමේ ප්‍රතිපත්ති සම්පදානයේදී එහි ආර්ථික ඵලදායිතාව ද විමසා බැලීම වැදගත් ය.  එසේම ජන ජීවිතය වැඩිදියුණු කිරීම සහ ආර්ථික සංවර්ධනය ඵලදායී ලෙස පෙළගැස්වීම විධිමත් කළ යුතු බව ද එම ලිපියෙන් අවධාරණය කර සිටී.

About The Author