20වැනි සියවසේ ඉතිහාසය නිර්මාණය කිරීමේදී සැලකිය යුතු බලපෑමක් සිදු කළ රතු හමුදාවේ නවතම තොරතුරු ඉදිරිපත් කරමින් ඊට අදාළ ඓතිහාසික කෞතුක භාණ්ඩ සහ ලේඛන 300කට අධික ප්‍රමාණයක් පළමු වරට ප්‍රදර්ශනය කෙරේ. ඒ බෙයිජිංහි හමුදා කෞතුකාගාරයකදීය.
1936 ඔක්තෝබර් මාසයේදී අවසන් වූ දිගු පා ගමනේ(Long March)90 වැනි සංවත්සරය වෙනුවෙන් මෙම ප්‍රදර්ශනය පැවැත්වීම විශේෂත්වයකි. එහිදී චීන රතු හමුදාවේ ප්‍රධාන හමුදා කණ්ඩායම් Kuomintang හමුදාව විසින් සිදු කරන ලද වටලෑම් බිඳ දමා වයඹදිග චීනයේදී නැවත එක්වීමත් සමග මෙම දිගු පා ගමනේ ජයග්‍රාහී ලෙස අවසන් විය.
ඓතිහාසික වාර්තාවලට අනුව, මෙම පා ගමන ආරම්භ කරන විට සෙබළුන් 86,000කට වැඩි පිරිසකගෙන් සමන්විත වූ මධ්‍යම රතු හමුදාව, එය අවසන් වනවිට සෙබළුන් 30,000කට ආසන්න පිරිසක් දක්වා අඩු වී තිබිණ.
මෙම ප්‍රදර්ශනයේදී ඉදිරිපත් කෙරෙන තොරතුරුවලට අනුව, මෙම දිගු පා ගමන අතරතුරදී රතු හමුදාවේ ප්‍රධාන හමුදා කණ්ඩායම් මුහුදු මට්ටමේ සිට මීටර් 4,000කට වඩා උසින් පිහිටි හිමෙන් වැසී ගිය කඳු 20කට වැඩි ප්‍රමාණයක් තරණය කර තිබේ.
මෙම ඓතිහාසික දිගු පා ගමන යුදමය උපායමාර්ගික මෙහෙයුමක් පමණක් නොව, එය ශ්‍රේෂ්ඨ අරමුණු, කැපවීම, නොසැලෙන අධිෂ්ඨානය සහ වීරත්වය මුසු වූ අද්විතීය කතාවක් බව පොදු පිළිගැනීමයි.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්