
චීන මධ්‍යම රජය යටතේ සෘජුව පාලනය වන නව රාජ්‍ය සමාගමක් වන චීන ජාතික දත්ත සමූහ සමාගමක් ඇරඹේ. එහි සමාරම්භක උත්සවයට චීන උප අගමැති Ding Xuexiang මහතා සහභාගී විය. උත්සවය පසුගිය දා(20) උතුරු චීනයේ හෙබෙයි පළාතේ Xiong’an නව කලාපයේදී පැවැත්විණ.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයෙකු ද වන Ding Xuexiang මහතා පැවසුවේ, කෘත්‍රිම බුද්ධියෙන් උදාවන අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීම, ඩිජිටල් චීනය ගොඩනැගීම වේගවත් කිරීමට සහ රටේ නව තරගකාරී වාසි වර්ධනය කිරීමට මෙම සමාගම පිහිටුවීම වැදගත් වන බවය.

Xiong’an නව කලාපයේ මූලස්ථානය පිහිටුවා ඇති මෙම නව සමාගමට දත්ත සම්පත් සංවර්ධනය කිරීම සහ ඒවා ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධ කටයුතු පිළිබඳ විශේෂ වගකීමක් පැවරී තිබේ.
More Stories
චීන – ඇමරිකා රාජ්‍ය නායක හමුව වෙනුවෙන් දෙපාර්ශ්වය අතර සන්නිවේදනය අඛණ්ඩව
ජපන් ආක්රමණිකයන්ගේ අපරාධ හෙළි කෙරෙන “5”වාර්තා වැඩසටහන රටවල් රැසක විකාශය කෙරේ
වාර්තා පිට වාර්තා තැබූ 9වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සාර්ථකව අවසන්