November 10, 2026

ජාතික පරිසර දිනයේදී චීන‍‍ය හරිත නවීකරණය වෙනුවෙන් පාරිසරික හා පරිසර සංරක්ෂණ සංග්‍රහය බලාත්මක කරයි

චීනය අද(15) සිව්වන ජාතික පරිසර දිනය සමරයි.  ඒ  “චීන නවීකරණය සඳහා හරිත පදනමක් ගොඩනැගීම” යන තේමාවෙනි.  එහි ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සුවිශේෂ පාරිසරික හා පරිසර සංරක්ෂණ සංග්‍රහය නිල වශයෙන් බලාත්මක කිරීමට චීනය අද (15) පියවර ගත්තේය. එමගින්  සමස්ත මානව වර්ගයා හා ස්වාභාවධර්මය අතර සමීප සහජීවනය සඳහා වන නීතිමය පදනම තවදුරටත් ශක්තිමත් කෙරේ. 

පසුගිය මාර්තු මස චීනයේ ඉහළම  ව්‍යවස්ථාදායක මණ්ඩලයේ අනුමැතිය ලත් මෙම සංග්‍රහය, සිවිල් සංග්‍රහයෙන් පසු චීනයේ බලාත්මක වන දෙවන නිල ව්‍යවස්ථාපිත සංග්‍රහයයි. මෙම සංග්‍රහය පරිච්ඡේද පහකින් යුත් වගන්ති 1,242කින් සමන්විත වන අතර පරිසර දූෂණ පාලනය, , පාරිසරික ආරක්ෂාව, හරිත හා අඩු කාබන් සංවර්ධනය ඇතුළු අංශ රැසක් ආවරණය කරමින් සකස් කර ඇත. 

පාරිසරික හා පරිසර සංරක්ෂණ නීති 30කට වැඩි ප්‍රමාණයක් මෙන්ම පරිපාලන රෙගුලාසි 100කට වඩා එහි  ඇතුළත් ය. එමෙන්ම දේශීය නීති හා රෙගුලාසි 1,000කට වඩා විධිමත් ලෙස ඒකාබද්ධ කිරීම, සම්පාදනය කිරීම, සංශෝධනය කිරීම සහ ප්‍රසාධනය කිරීම මගින් මෙය නිර්මාණය කර තිබේ.

About The Author