රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා පසුගිය 13 වන දින පළමු වරට මතභේදයට තුඩු දී ඇති දකුණු කුරිල් දූපත් වෙත සංචාරය කළ අතර එහිදී රුසියානු-ජපාන සබඳතා පිළිබඳව අදහස් දැක්වීය. පසුව ජපාන අගමැතිනි සනයි තකයිචි ඊට දැඩි විරෝධය පළ කළා ය.
මේ පිළිබඳ අදහස් දක්වමින් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Maria Zakharova මහත්මිය පසුගිය 13 වන දින එරට විදේශ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ප්‍රකාශයක් නිකුත් කරමින්, ජපාන අගමැතිනි සහ ජපාන විදේශ අමාත්‍යවරයා කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කළා ය.
දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵල, ඇමරිකාව, බ්‍රිතාන්‍යය, සෝවියට් සංගමය හා චීනය ප්රමුඛ සන්ධානගත රටවල අදාළ ගිවිසුම් සහ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය අනුව, දකුණු කුරිල් දූපත් (ජපානයේ උතුරු ප්‍රදේශ ලෙස හැඳින්වේ) රුසියාවට අයත් වන බව Maria Zakharova මහත්මිය අවධාරණය කළා ය. කොන්දේසි විරහිතව යටත් වීමට අත්සන් තබා වසර 81කට ආසන්න කාලයක් ගතවී ඇතත්, ජපානය තවමත් ආසියාවේ සිදු කළ ආක්‍රමණශීලී ක්‍රියාවන් පිළිබඳ නිදහසට කරුණු දැක්වීමට උත්සාහ කරයි. එමෙන්ම ජපානය රුසියාවට එරෙහි “පදනම් විරහිත භෞමික හිමිකම්” ඉදිරිපත් කරන බව ද ඇය සඳහන් කළා ය.
තවද, බටහිර රටවල් අනුගමනය කරමින් ජපානය රුසියාවට “නීතිවිරෝධී සම්බාධක” පැනවීමෙන් පෙන්නුම් කරන්නේ ජපාන රජය “සතුරුකමට සමීප” රුසියානු විරෝධී මාවතක් තෝරාගෙන ඇති බවයි. මෙම ප්‍රවේශය ජපන් ජනතාවගේ අවශ්‍යතා සඳහා නොවන බව Maria Zakharova මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා ය.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම