November 9, 2026

ජපාන දේශපාලන නායකයින් යසුකුනි ස්මාරකයට උපහාර දැක්වීම පශ්චාත් යුද ජාත්‍යන්තර පිළිවෙල බරපතල ලෙස අභියෝගයට ලක් කිරීමක් — චීනය

ජපාන දේශපාලන නායකයින් යසුකුනි ස්මාරකය වෙත උපහාර පුද පූජා පැවැත්වීම පශ්චාත් යුද ජාත්‍යන්තර පිළිවෙල බරපතල ලෙස අභියෝගයට ලක් කිරීමක් බව ජපානයේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

ජපාන අගමැතිනි, කැබිනට් මණ්ඩල සාමාජිකයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෑතකදී යසුකුනි ස්මාරකය වෙත උපහාර පුද පූජා පවත්වා තිබේ.

මේ පිළිබඳ සඳහන් කරමින් ජපානයේ චීන තානාපති කාර්යාලය සඳහන් කළේ, ජපානයේ ක්‍රියාමාර්ග දෙවන ලෝක යුද ජයග්‍රහණය සහ පශ්චාත් යුද ජාත්‍යන්තර පිළිවෙල බරපතල ලෙස අභියෝගයට ලක් කර ඇති බවයි. මෙය චීනය දැඩි ලෙස හෙළා දකින අතර ජපානයට ප්‍රබල විරෝධතා ඉදිරිපත් කර තිබේ.

මෙම වසර ජපන් යුද අපරාධකරුවන්ගේ ටෝකියෝ නඩු විභාග ආරම්භ කිරීමේ 80 වන සංවත්සරය සනිටුහන් කරයි. ජපානය එහි ඓතිහාසික වගකීම් ගැඹුරින් මෙනෙහි කරමින්, සාමකාමී සංවර්ධනය සඳහා වූ කැපවීමට අනුකූල වන ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටී. එසේම ජපානය “නැවත මිලිටරිකරණය” යොමු වීමේ භයානක ක්‍රියාවන් වහාම නතර කර, නැවත වරක් ඉතිහාසයේ විත්තිකරුවන්ගේ අසුනට නොයනු ඇතැයි චීනය අපේක්ෂා කරයි.

About The Author