ජපාන අගමැතිවරිය යසුකුනි ස්මාරකය වෙත උපහාර පුද පූජා පැවැත්වීම කෙරෙහි චීනය දැඩි විරෝධය පළ කරයි. චීන විදේශ අමාත්‍යාංශය ඊයේ(15) මේ බව ප්‍රකාශ කළේ ජපන් අගමැතිනි Sanae Takaichi ඇතුළු දේශපාලනඥයන් යසුකුනි ස්මාරකයට උපහාර පුද පූජා පැවැත්වීම පිළිබඳව අදහස් දක්වමිනි.
අද(15) දිනට ජපාන ආක්‍රමණශීලී යුද පරාජය සහ යටත් වීමේ දිනය යෙදී තිබේ. යසුකුනි ස්මාරකය, ජපාන මිලිටරිවාදය විදේශ රටවල ආක්‍රමණශීලී යුද්ධ දියත් කිරීමේ ආධ්‍යාත්මික මෙවලමක් සහ සංකේතයකි. ජපානය විදේශ රටවල ආක්‍රමණශීලී යුද්ධ දියත් කිරීමට දැඩි ව වගකිව යුතු අපරාධකරුන් 14 දෙනෙකුගේ නාම පුවරු යසුකුනි ස්මාරකයේ තැන්පත් කර ඇත. යසුකුනි ස්මාරකය යනු සැබවින්ම ආක්‍රමණශීලී යුද අපරාධකරුන්ගේ ස්මාරකයයි. විවිධ අයුරින් නිදහසට කරුණු දැක්වීම් සිදු කළ ද ජපන් දේශපාලනඥයන්ට යුද අපරාධකරුවන්ගේ යුද අපරාධ සිදුවීම් වසන් කර ඉතිහාසයේ සැබෑ තත්ත්වය විකෘති කර ප්‍රචාරය කළ නොහැකි බවද චීන විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඉන් ජපානයේ “නව ආකාරයේ මිලිටරිවාදය” කඩිනම් කිරීම සඳහා වන කොන්දේසි සපුරාලීමේ සැබෑ අරමුණ කිසිසේත් සැඟවිය නොහැකි ය.
මෙම වැරදි ක්‍රියාව ඓතිහාසික යුක්තිය විනාශ කිරීමක් වන අතර ශිෂ්ටාචාරයට සහ පශ්චාත් යුද ජාත්‍යන්තර පටිපාටියට විරුද්ධව යාමකි. ජාත්‍යන්තර ප්‍රජාව ඊට දැඩි ලෙස විරෝධය පළ කර ඇත. සිය ආක්‍රමණශීලී ඉතිහාසය ගැඹුරු ලෙස සිහිපත් කරමින් මිලිටරිවාදය හා සම්බන්ධ ක්‍රියාවලින් සම්පූර්ණයෙන්ම ඉවත් ව සැබෑ ක්‍රියාවන් මගින් සිය ආසියානු අසල්වාසීන් හා ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය දිනා ගන්නා ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටින බව චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ අතර චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක Jiang Bin මහතා ජපන් අගමැතිනි Sanae Takaichi ඇතුළු දේශපාලනඥයන් යසුකුනි ස්මාරකයට උපහාර පුද පූජා පැවැත්වීම පිළිබඳව ද අදහස් දක්වා ඇත. වාචිකව සාමය වෙනුවෙන් පෙනී සිටින ජපන් දේශපාලඥයන් යුද අපරාධකරුවන්ට නමස්කාර කරමින් සිටින බව හෙතෙම පැවසීය.එවැනි නුසුදුසු ක්‍රියාවන් මගින් ජපන් දක්ෂිණාංශික බලවේගයන්ගේ වැරදි සහගත ඓතිහාසික දැක්ම සහ මිලිටරිවාදය යළි ඇරඹීම සඳහා වන භයානක උත්සහාය මනා ලෙස පිළිබිඹු වන බව Jiang Bin මහතා ප්‍රකාශ කළේය.
ජපාන අගමැතිවරිය යසුකුනි ස්මාරකය වෙත උපහාර පුද පූජා පැවැත්වීම කෙරෙහි චීනයේ දැඩි විරෝධය
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්