දකුණු කොරියාව චීනය කෙරෙහි මිත්‍රශීලී ප්‍රතිපත්තිය අඛණ්ඩ ව අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග්(Lee Jae Myung) මහතා ඊයේ(20) සෝල් නුවර දී හමු වූ අවස්ථාවේදී.
ලබන වසර චීන-දකුණු කොරියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 35 වැනි සංවත්සරයයි. එය දෙරට අතර උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වයේ වැඩි ප්‍රගතියක් ලබා ගැනීමට අවස්ථාවක් වනු ඇති බව වන්ග් යී මහතා සඳහන් කළා.
මෙම වසරේ ආරම්භයේ සිට චීන-දකුණු කොරියානු සබඳතා පුළුල් ලෙස ශක්තිමත් වී ඇති අතර කාලයේ ප්‍රවණතාවයට අනුකූලව දකුණු කොරියාවේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ක්‍රියාත්මක වී ඇතැයිද ඔහු පැවසුවා.
වර්ධනය වන ගෝලීය ආර්ථික අස්ථාවරතා සහ නැඟී එන වෙළඳ ආරක්ෂණවාදය මධ්‍යයේ කලාපීය ආර්ථික ඒකාබද්ධතාවය සහ අන්තර්කරණයෙන් යුත් ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව පවතින බව ද චීන විදේශ අමාත්‍යවරයා පැවසුවා. ඒ සඳහා චීනය සහ දකුණු කොරියාව නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡාවන්හි දෙවන අදියර කඩිනමින් අවසන් කිරීමෙන් පූර්වාදර්ශයක් සැපයිය යුතු බව ද වැන්ග් යී මහතා පෙන්වා දුන්නා.
මෙහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා පැවසුවේ ආර්ථික හා වෙළඳ සහයෝගිතාවයේ ශක්තිමත් වර්ධන වේගයක් සමගින්, චීන-දකුණු කොරියානු සබඳතා වැඩිදියුණු වීම පිළිබඳ සතුටට පත් වන බවයි. දකුණු කොරියාව සහ චීනය අනුපූරක ශක්තීන් සහිත අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කරුවන් බවට පත්විය යුතු බව ද ඔහු සඳහන් කළා. ආර්ථික, වෙළඳාම සහ ආරක්ෂාව වැනි ක්ෂේත්රවල දෙරටට ම එකිනෙකා අවශ්‍ය බව ද ලී ජේ මියුන්ග් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම