චීනය කිර්ගිස්තානයේ සහ වියට්නාමයේ පුරවැසියන්ට නිදහස් වීසා ලබා දෙයි. ඊයේ(20) සිට එම රටවල් දෙකේ පුරවැසියන් වෙනුවෙන් පැය 240ක වීසා රහිත සංක්‍රමණ ප්‍රතිපත්තිය අනුගමනය කරන බව චීන ජාතික ආගමන මහා පරිපාලනය ප්‍රකාශ කර ඇත. එසේම එම රටවල් දෙකේ පුරවැසියන්ට දකුණු චීනයේ හයි නැන් පළාතෙහි දින 30ක වීසා රහිත ප්‍රවේශයක් ද සැලසේ.
මේ වන විට චීනය පැය 240ක වීසා රහිත සංක්‍රමණ ප්‍රතිපත්තිය මගින් ආවරණය වන රටවල් සංඛ්‍යාව 57 දක්වා වැඩි වී තිබේ. එසේම දකුණු චීනයේ හයි නැන් පළාත සඳහා දින 30ක වීසා රහිත ප්‍රවේශ ප්‍රතිපත්තිය මගින් ආවරණය වන රටවල් සංඛ්‍යාව 61 දක්වා වර්ධනය වී ඇත.
කිර්ගිස්තානයේ සහ වියට්නාමයේ පුරවැසියන්ට මෙම නිදහස් වීසා ලබා දීම, චීනය ඉහළ මට්ටමින් සිය විවෘතභාවය ඉදිරියට ගෙන යාමේ ප්‍රායෝගික පියවරක් බව චීන ජාතික ආගමන මහා පරිපාලනය පවසයි.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම