චීනයේ 33 වන Yangling කෘෂිකර්මාන්තය සහ අධි විද්‍යා හා තාක්ෂණ ප්‍රගති ප්‍රදර්ශනය නිමාවට පත් වෙයි. දින 05ක් පුරා පැවති එම ප්‍රදර්ශනය ඊයේ(29) Shaanxi පළාතේ Yangling කෘෂි හා අධි තාක්ෂණ කර්මාන්ත ප්‍රදේශයේදී අවසන් විය. එහිදී අත්සන් තැබූ ව්‍යාපෘතියන්හි සමස්ත ආයෝජන වටිනාකම චීන යුවාන් බිලියන 32.9 ඉක්මවා ඇති අතර, ප්‍රදර්ශනයේදී සිදු කළ ගනුදෙනු වටිනාකම යුවාන් මිලියන 295කි.
මෙවර ප්‍රදර්ශනයේ ප්‍රධාන තේමාව වූයේ ‘නව ගුණාත්මක ඵලදායීතාව සහ කෘෂිකර්මාන්තයේ නව අනාගතය’ යන්නයි. රටවල් හා කලාප 51කින් පැමිණි 2200කට වැඩි කෘෂි පර්යේෂණායතන හා අදාළ ව්‍යවසායන් ඊට එක් විය. ජල පිරිමැසුම් කෘෂිකර්මාන්තය, කෘෂි යන්ත්‍රෝපකරණ, ඩිජිටල් හා බුද්ධිමත් කෘෂිකර්මාන්තය ඇතුළු අංශයන්හි 11දහසක නවෝත්පාදන හා කැපී පෙනෙන තාක්ෂණ ප්‍රගතීන් එහිදී ප්‍රදර්ශනය කර ඇත.
එමෙන්ම, ශංහයි සහයෝගිතා සංවිධානයේ කෘෂි ප්‍රදර්ශනය මෙම Yangling ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්විණ. ‘ශංහයි සහයෝගිතා සංවිධානයට අයත් රටවල කලාපයන්හි කෘෂිකර්මාන්තය සඳහා වූ ජල පිරිමැසුම් තාක්ෂණ සහයෝගිතා පිළිබඳ ශංහයි සහයෝගිතා සංවිධානයේ කෘෂි පදනමේ යෝජනාව’ ද එහිදී එළි දැක්වීය.
තවද මෙම Yangling ප්‍රදර්ශනය පැවැත්වෙන අතරතුරදී, චීනයේ කෘෂිකර්මාන්ත හා ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යාශය ‘2026 චීනයේ නියඟ ප්‍රදේශයේ කෘෂි තාක්ෂණ සංවර්ධන වාර්තාව’ නිකුත් කර ඇති අතර, ග්‍රාමීය පුනර්ජීවන සංසදය පැවැත්වීම ද විශේෂත්වයකි.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්