‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අදාළ ප්‍රධාන කරුණු රැසක් පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ පක්ෂ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ කෙටුම්පත් කිරීම සිදු කෙරේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රතිපත්ති අධ්‍යයන කාර්යාලයේ අධ්යක්ෂ Tang Fangyu මහතා අද(30) පැවති එම සැසිය පිළිබඳව මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
Tang Fangyu මහතා පැවසූ පරිදි, මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින්පිං මහතා කෙටුම්පත් කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. ඔහු සමස්ත ක්‍රියාවලිය සැලසුම් කොට එහි මග පෙන්වීම සහතික කර තිබේ. ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ යෝජනා හා අදහස් ලබා ගැනීම සඳහා සාකච්ඡා දෙකක්, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු රැස්වීම් තුනක් සහ වාර්තාවන්ට සවන් දීමට දේශපාලන කාර්යාංශයේ රැස්වීම් දෙකක් පැවැත්විණ. ෂී ජින්පිං මහතා එහි ප්‍රධාන කරුණු පිළිබඳ අධ්‍යයනය මෙහෙයවමින් ලේඛනය කෙටුම්පත් කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.
ලේඛනය කෙටුම්පත් කිරීමේ දී ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියට පුළුල් ඉඩක් ලබා දෙමින් පොදු එකඟතාවන් ගොඩනැගීමටත්, සමස්ත පක්ෂයේ සාමූහික දැනුම හා අදහස් ඒකරාශී කිරීමටත් පියවර ගෙන තිබේ.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්