ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බව චීනය පවසයි.
චීනය ඉරානයට හමුදා සහාය ලබා දීම පිළිබඳ වාර්තාවක් සම්බන්ධයෙන් ඇමරිකා ජනාධිපති Donald Trump ප්‍රකාශ කළේ එවැන්නක් සිදු වුවහොත් චීන භාණ්ඩ සඳහා 50% ක තීරු බද්දක් පනවන බවය. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ (14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදාළ විමසුමකට පිළිතුරු දෙමින් චීනයේ ප්‍රතිචාරය දැක්වීය.
අවි අපනයන පාලනයේදී චීනය සැමවිට ම ප්‍රවේශම් සහ වගකිවයුතු ආකල්පයක සිට අදාළ ජාතික නීති සහ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව දැඩි පාලනයකින් යුතුව ක්‍රියා කරන බව ඔහු අවධාරණය කළේය. අදාළ වාර්තා පදනම් විරහිත බව ද ඔහු පෙන්වා දුන්නේය. ඇමරිකාව එය ඊනියා හේතුවක් ලෙසට ගෙන චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් චීනය ඊට එරෙහිව දැඩි ප්‍රති පියවර ගනු ඇතැයි ද Guo Jiakun මහතා කියා සිටියේය.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි
මැද පෙරදිග තත්ත්වය පිළිබඳව චීන ජනපති සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි ඔටුන්න හිමි කුමරු අදහස් හුවමාරු කර ගනිති