November 10, 2026

සුහුරු පරීක්ෂණ උපකරණ භාවිත කරන චීනයේ වරාය ගණන සියයට 90 ඉක්මවයි

චීනයේ රේගු සේවාවේ නවීකරණය කඩිනම් කිරීම හා සේවා කර්මාන්තයෙන් රට බලගැන්වීම පිළිබඳ තත්ත්වය අද (22)අනාවරණය කෙරිණ. චීන රාජ්‍ය මණ්ඩලයේ පුවත් කාර්යාලයේ පැවති ‘15වන පස් අවුරුදු සැලැස්මේ ආරම්භය’තේමා කර ගත් මාධ්‍ය හමුවකදී, රේගු පොදු පරිපාලනයේ බලධාරියෙක් මෙම තොරතුරු ඉදිරිපත් කළේය.

ඉදිරි වසර පහ තුළ, ආයතනික නවෝත්පාදනය හා විද්‍යා තාක්ෂණ භාවිතය මගින්, රේගු නිෂ්කාශනයේ  කාර්යක්ෂමතාව ඉහළ නංවමින් එහි කළමනාකරණය සහතික කිරීමට උත්සාහ කරන බව චීන රේගු පරිපාලන ප්‍රධානි Sun Meijun මහත්මිය ප්‍රකාශ කළාය. වසර 2030 වන විට සියයට 90කට වැඩි වරායන්හි සුහුරු පරීක්ෂණ උපකරණ සවි කිරීමට පියවර ගැනේ. ‘කෘත්‍රිම බුද්ධිය, මහා පරිමාණ දත්ත හා සුහුරු උපකරණවල ඒකාබද්ධතාව’ යන ආකෘතිය රේගු සේවාවට පුළුල් ලෙස යොදාගැනීම මගින්, ව්‍යාපාරවලට සහ මහජනතාවට කිසිදු ගැටලුවකින් තොර ව සේවා ලබා ගත හැකි යැයි අපේක්ෂා කරන බව ද ඇය සඳහන් කළාය. 

About The Author