ස්වෛරී සමානාත්මතාවය නූතන ජාත්‍යන්තර සබඳතාවල මූලික පදනම වන බව චීන නියෝජිතයා පවසයි.
ඊයේ(7) එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී Sun Lei මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී නීතියේ පාලනය පිළිබඳව “ගෝලීය පාලනය පිළිබඳ මිත්‍ර කණ්ඩායම” නියෝජනය කරමින් ඒකාබද්ධ ප්‍රකාශයක් සිදු කළේය.
ජාත්‍යන්තර මට්ටමින් පවතින නීතියේ පාලනය මේ වන විට දැඩි පීඩනයකට ලක්ව ඇති බවත්, එය ගෝලීය සාමය සහ ආරක්ෂාවට විනාශකාරී අවදානමක් එල්ල කරන බවත් Sun Lei මහතා එහිදී ප්‍රකාශ කළේය.
එම අවස්ථාවේදී ඔහු යෝජනා හතරක් ඉදිරිපත් කළේය. එනම්, එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ අධිකාරිය සහ ජාත්‍යන්තර නීතියේ පාලනය තහවුරු කිරීම, ස්වෛරී සමානාත්මතාවයේ මූලධර්මයට අනුගත වීම, ආරවුල් සාමකාමීව විසඳීමට කැපවීම සහ නව ක්ෂේත්රයන්හි පාලන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම ය.
ස්වෛරී සමානාත්මතාවයේ වැදගත්කම ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්