එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 62 වන සැසිවාරයට සමගාමීව එහි 20 වන රැස්වීම පසුගියදා පැවැත්විණ. ජිනීවාහි චීන නියෝජිත පිරිසේ අමාත්‍ය-උපදේශක Mu Jianfeng මහතා එහිදී දේශනයක් පැවැත්වීය.
වෙනිසියුලාවේ මෑතකදී ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් පසු චීනය එරට රජයට සහ විපතට පත් ජනතාවට සිය හෘදයාංගම සංවේගය පළ කළ බව ඔහු පැවසීය. චීනය හදිසි මානුෂීය ආධාර ලබා දෙන බවත්, වෙනිසියුලානු ජනතාවට මෙම ව්‍යසනයෙන් ජයගෙන හැකි ඉක්මනින් තම ජීවිත යළි නගා සිටුවීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු පැවසීය.
ඇතැම් රටවල් විසින් වෙනිසියුලාව වෙත පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක එරට ආර්ථික හා සමාජීය සංවර්ධනයට සහ ජනතාවගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමේ උත්සාහයන්ට දැඩි ලෙස බාධා කර ඇති බවත්, වෙනිසියුලානු ජනතාවගේ මූලික මානව හිමිකම්වලට එය බරපතල ලෙස බලපා ඇති බවත් සඳහන් කළ හෙතෙම ඒවා වහාම ඉවත් කළ යුතු බවත් අවධාරණය කළේය.
මේ අතර වෙනිසියුලානු භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1,450 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික සම්මේලනයේ සභාපති Jorge Rodríguez මහතා ඊයේ (28) ප්‍රකාශ කළේය.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම