November 9, 2026

රතු මුහුදු කලාපයේ ගැටුම් උත්සන්න වීම චීනයේ දැඩි කනස්සල්ලට

රතු මුහුදු කලාපය ආශ්‍රිතව යේමනයේ හවුති සන්නද්ධ කණ්ඩායම දියත් කර තිබෙන ප්‍රහාර හේතුවෙන් මෑත දිනවල ඒ ආශ්‍රිත ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වී ඇති අතර,චීනය ඒ පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා පවසයි.

වාර්තාවලට අනුව,යේමනයේ හවුති සන්නද්ධ කණ්ඩායම මෑතකදී දකුණු සෞදි අරාබියේ නගර හතරක් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කළ අතර,සිවිල් වැසියන් ද 70කට වැඩි පිරිසක් එහිදී තුවාල ලබා ඇත. යේමනයේ බලශක්ති සහ සිවිල් පහසුකම් රැසකටත් ඉන් හානි සිදුව ඇති අතර, ජීවිත හානි ද සමගින් තම කණ්ඩායමට ද එහිදී හානි සිදු‍ වූ බව හවුති සන්නද්ධ කණ්ඩායම ප්‍රකාශ කළේය.

අද (14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී වාර්තාකරුවෙකු මේ සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Guo Jiakun මහතා අවධාරණය කර සිටියේ, ජනතාවගේ ජීවනෝපායන් සඳහා අත්‍යවශ්‍ය වන සිවිල් යටිතල පහසුකම් වෙත එල්ල කෙරෙන මෙවැනි ප්‍රහාර පිළිගත නොහැකි බවයි. එබැවින් සංයමයෙන් කටයුතු කරමින්, සන්නිවේදනය හා සංවාදය මගින් ආතතීන් ලිහිල් කරන ලෙසත්, හැකි ඉක්මනින් තත්ත්වය සමනය කිරීමට කටයුතු කරන ලෙසත් චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

About The Author