මාස හයක් ඇතුළත චීන- ඇමරිකා නායකයින් දෙරට අතර සංචාරය කිරීම ඓතිහාසික මෙන්ම සන්ධිස්ථානගත අවස්ථාවක් බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා ප්‍රකාශ කළේය. ඊයේ(21) පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇමරිකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මෙවර සංචාරය අතරතුර, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා චීන-ඇමරිකානු සබඳතාව, ලෝක සාමය හා සංවර්ධනය පිළිබඳ වැදගත් අදහස් හුවමාරු කර ගනු ඇති බව Guo Jiakun මහතා පැවසීය. රාජ්‍ය නායකයන්ගේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු, චීන-ඇමරිකානු සබඳතා සඳහා අත්‍යවශ්‍ය උපායමාර්ගික මඟපෙන්වීමක් ඉටු කරන බව හෙතෙම ප්‍රකාශ කළේය. චීන-ඇමරිකා ඵලදායී උපායමාර්ගික ස්ථාවර සබඳතාව පුළුල් කරමින් සංවාද හා සහයෝගිතා තහවුරු කර මතභේදයන් නිසි ආකාරයෙන් පාලනය කිරීම සඳහා ඇමරිකාව සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටී. එමගින් දෙරට ජනතාවට ප්රතිලාභ ලබා දී ලෝක සාමය, ස්ථාවරත්වය මෙන්ම සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට චීනය අපේක්ෂා කරන බවද චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පවසා ඇත.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම