චීන විදේශ අමාත්‍ය වං යී මහතාගේ ආරාධනාවට අනුව, බංග්ලාදේශ විදේශ අමාත්‍ය Khalilur Rahman මහතා හෙට(5) සිට 7 වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වන බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
බංග්ලාදේශය සමග සබඳතාවයට චීනය ඉහළ වැදගත්කමක් ලබා දෙන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා මාධ්‍ය හමුවකදී අදාළ විමසුමකට පිළිතුරු දෙමින් පෙන්වා දුන්නේය. මෙවර අමාත්‍යවරයාගේ නිල සංචාරය හරහා දෙරට අතර අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය සහ විවිධ සහයෝගිතා වඩා ශක්තිමත් වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ඔහු පැවසීය. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ උසස් තත්ත්වය සංවර්ධනය එක්ව ප්‍රවර්ධනය කරමින් චීන-බංග්ලාදේශ විස්තීරණ උපායමාර්ගික හවුල්කාරීත්වය ඉදිරියට ගෙන යාමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම කියා සිටියේය.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති