ජපානය නැවත මිලිටරිකරණය කිරීමේ ක්‍රියාදාමය වැළැක්වීම සඳහා චීනය සිය නීති-රීතිවලට අනුව ජපානයට එරෙහි අපනයන සීමා පනවා ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(21) මේ බව ප්‍රකාශ කළේ, ජපානය සතුව ඇති yttrium නම් දුර්ලභ පස් වර්ගයේ සංචිත ප්‍රමාණය මාස කිහිපයකට පමණක් ප්‍රමාණවත් බැවින්, චීනය පනවා ඇති අපනයන පාලනය ලිහිල් කරගැනීමට ජපානය ඇමරිකාවෙන් සහාය අපේක්ෂා කිරීම සම්බන්ධයෙන්, මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ජපානය නැවත මිලිටරිකරණය කිරීමේ ක්‍රියාදාමය හා න්‍යෂ්ටික අවි අත්පත් කරගැනීමේ උත්සාහය වැළැක්වීම, චීන නීති-රීතිවලට අනුව ජපානයට එරෙහි අපනයන සීමා පැනවීමේ අරමුණයි. ප්‍රධාන ඛනිජ සම්පත්වල ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමයන්හි ස්ථාවරත්වය හා සුරක්ෂිතභාවය සහතික කිරීම පිළිබඳව චීනය දරන ස්ථාවරය වෙනස් නොවන බව Mao Ning මහත්මිය පැවසුවාය. සියලු පාර්ශ්වයන්ට ඊට සක්‍රිය දායකත්වය ලබා දීමේ වගකීමක් ඇති බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළාය.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්