November 10, 2026

ජපානය චීනය තුළ අතහැර දැමූ රසායනික අවි සම්පූර්ණයෙන් ම විනාශ කරන ලෙස චීනයෙන් ඉල්ලීමක්

ජපානය චීනය තුළ අතහැර දැමූ රසායනික අවි සම්පූර්ණයෙන් ම විනාශ කරන ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටී.

රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ (OPCW) නියෝජිත පිරිසක් පසුගිය අගෝස්තු 31වනදා සිට සැප්තැම්බර් 5වනදා දක්වා චීනයට පැමිණ ජපානය විසින් අතහැර දමා ඇති රසායනික අවි බැහැර කිරීමේ තත්ත්වය පිළිබඳ පරීක්ෂා කළ බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (7) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදාළ විමසුමකට පිළිතුරු‍ දෙමින් ඒ සම්බන්ධ තත්ත්වය පැහැදිලි කළාය.

මෙම අතහැර දැමූ අවි චීන ජනතාවගේ ජීවිතවලට, දේපළවලට සහ පරිසරයට ඇති කරන බරපතල හානිය පිළිබඳ මෙවර පරීක්ෂාවේදී වැඩි අවධානයට යොමු වූ බව ඇය සඳහන් කළාය. 

අදාළ රෙගුලාසිවලට අනුකූලව, ජපානය චීනය තුළ අතහැර දමා ඇති රසායනික අවි සම්පූර්ණයෙන් ම විනාශ කර කඩිනමින් චීන ජනතාවට පිරිසිදු මෙන්ම ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කර දීමට OPCW සංවිධානයට චීනය සහාය වනු ඇති බව Mao Ning මහත්මිය තවදුරටත් අවධාරණය කර ඇත.

About The Author